Watch : බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ සධීරගේ අමුතු ස්කූප් පහර

Date:

2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි තරගයේ දී විශිෂ්ඨ ස්කූප් පහරක් එල්ල කිරීමට ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු සධීර සමරවික්‍රම අද(19) සමත් වුණා.

බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් අද පස්වරු 12.30ට ආරම්භ තරගයේ දී මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගැනීමට සමත් වුණා.

අංක 4 පිතිකරු වූ සධීර සමරවික්‍රම පන්දු 64 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 73 ක්. එය ඔහුගේ දෙවැනි එක්දින අර්ධ ශතකයයි. හතරේ පහර 9කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මෙම ඉනිම අතරතුර දී යි සධීර විසින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ස්කූප් පහරකින් හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...