Watch : වනිදු හසරංගගේ මංගල IPL කඩුලු 5

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියේ දී බිද හෙලූ සිය පළමු කඩුලු පහේ අවස්ථා සනිටුහන් කිරීමට අද(8) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 54 වැනි තරගයේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 192ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

සන්රයිසස් හයිදරාබාද් ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ වනිදු හසරංග ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගත්තා.

ඔහුගේ සිව්වැනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙසයි සටහන් වුණේ.

මේ වන විට වනිදු හසරංග මෙවර තරගාවලියේ දී තරග 12කට ක්‍රීඩා කර බිද හෙලා ඇති කඩුලු ගණන 21ක්.

ඒ අනුව තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර ඔහු දෙවැනි වන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චෙහල්ට පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...