වනිදුගේ සුපිරි පන්දු යැවීම හමුවේ RCB කණ්ඩායමට ලකුණු 67 ක විශිෂ්ට ජයක්

Date:

වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම සහ ෆෆ් ඩු ප්ලෙසිස්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරඟයෙන් පහසු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(8) සමත් වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ඔවුන් හමුවේ ලකුණු 67කින් පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගය ජය ගැනීම සඳහා සන්රයිසස් කණ්ඩායමට ලකුණු 193 ක දැවැන්ත ඉලක්කයක් හිමිවූ නමුත් ඔවුන්ට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ රාහුල් ත්‍රිපාති පන්දු 37කින් ලකුණු 58 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්.

පන්දු යැවීමේදී වනිදු හසරංග සන්රයිසස් ඉනිම සම්පූර්ණයෙන්ම අඩපණ කරමින් ලකුණු 18කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව පහක්.

ඉනිමේ 17 වැනි පන්දුවාරයේදී වනිදු නිලකුණු පන්දුවාරයක් සටහන් කරමින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

ජොෂ් හේසල්වුඩ් සිය පන්දුවාර හතර තුළදී ලකුණු 17කට කඩුලු දෙකක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192 ක් රැස් කළා.

ඉනිමේ පළමු පන්දුවෙන්ම විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. ඔහු මෙවර තරග වාරයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගිය තෙවැනි අවස්ථාව එයයි.

නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 50කින් ලකුණු 73ක් ලබා ගත්තා. හයේ පහර 2කින් හා හතරේ පහර 8කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

රාජත් පටිදර් ලකුණු 48(38)යි. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 24කින් ලකුණු 33ක් රැස් කළා.

දිනේෂ් කාර්තික් පන්දු 8 ක් පමණක් වැය කර නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා. හයේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේදී ජගදීෂ සුචිත් ලකුණු 30කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ වනිදු හසරංගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...