Watch : වනිදු දවා ගන්න අසේල යොමු කළ සුපිරි පන්දුව

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග දවා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න අද(17) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

කැන්ඩි කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙසයි වනිදු හසරංග දැවී ගියේ.

අසේල ගුණරත්න යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් වනිදු දැවී ගියා. ඒ වන විට පන්දු 11කට මුහුණ දී සිටි ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 19ක්.

අසේල යොමු කළ අදාළ පන්දුවාරයේ පළමු පන්දු දෙකට හයේ පහර 2ක් එල්ල කිරීමට වනිදු සමත් වූ පසුබිමකයි විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් එම කඩුල්ල දවා ගැනීමට අසේල ගුණරත්න සමත් වුණේ. (දර්ශන පහතින්)

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගයේ දී ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

අද තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...