Watch : තුෂාරගේ සුපිරි පන්දුවක් හමුවේ ෆකාර් සමාන් බින්දුවට දැවී ගිය හැටි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බී-ලව් කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් දවා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(17) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

කැන්ඩි කණ්ඩායමේ පළමු කඩුල්ල බිද වැටුණේ ඉනිමේ සිව්වැනි පන්දුවේ දී යි.

නුවන් තුෂාර යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සමාන් දැවී ගියා. ඒ වන විට පන්දු දෙකකට මුහුණ දී සිටි ඔහුට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වී තිබුණේ නැහැ. (දර්ශන පහතින්)

මෙම තරගය සදහා යාපනය කණ්ඩායමෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව චරිත් අසලංක කණ්ඩායමට කැදවා ඇත්තේ නිශාන් මදුෂංක වෙනුවටයි.

මහනුවර කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලියේ ඉතිරි තරග අහිමි වී ඇති බවයි කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී වනිදු හසරංග සදහන් කළේ.

අද තරගය සදහා සහන් ආරච්චිගේ හා කමිදු මෙන්ඩිස් කැදවීමට මහනුවර කණ්ඩායම පියවර ගෙන ඇති අතර, කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ අශේන් බණ්ඩාර හා චතුරංග ද සිල්වා.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගයේ දී ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

අද තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...