Watch : ලෝකෙන්ම 12 වැනියා වෙමින් මැතිව්ස් 199ට දැවී ගිය හැටි

Date:

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 199ට දැවී ගිය පිතිකරුවන් කිහිපදෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලා් මැතිව්ස්ට අද(16) අවාසනාවන්ත ලෙස සිදු වුණා.

ඒ, බංග්ලාදේශය සමග චිතගොං හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා වූ මැතිව්ස් පන්දු 397කට මුහුණ දී ලකුණු 199 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 19ක් සමගින්.

දිනේෂ් චන්දිමාල් ලකුණු 66ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී නයීම් හසාන් ලකුණු 105කට කඩුලු 6ක් බිද හෙලුවා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 199ට දැවී ගිය ටෙස්ට් ඉතිහාසයේ 12 වැනි පිතිකරුවායි.

එමෙන්ම එලෙස දැවී ගිය දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ද මැතිව්ස් වාර්තා අතරට එක් වුණා.

මීට පෙර ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන සුපිරි පිතිකරු සනත් ජයසූරිය ද ලකුණු 199ට දැවී ගොස් තිබුණා. ඒ, 1997 වසරේ දී ඉන්දියාවට එරෙහිවයි.

මැතිව්ස් අද දිනයේ දී දැවී ගිය අයුරු –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...