මැතිව්ස්ගේ 199 හා නයීම්ගේ කඩුලු 6 න් පසු බංග්ලාදේශයෙන් පළමු ඉනිමට ප්‍රබල ආරම්භයක්

Date:

ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ ලකුණු 199 ද පසෙකලා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(16) නිමා වුණේ දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 76ක් ලබා සිටියා.

මහ්මුදුල් හසාන් ජෝයි නොදැවී ලකුණු 31 ක් හා ටමිම් ඉක්බාල් නොදැවී ලකුණු 35ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක කඩුල්ලේ සබදතාවය බිද දැමීමට ශ්‍රී ලංකාවට ආසන්න අවස්ථා කිහිපයක් හිමි වුවද, එම අවස්ථා කඩුලු බවට පරිවර්තනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.

අද දිනය ආරම්භ කරන විට චිතගොං හි Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 258ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 397ක්.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා වූ මැතිව්ස් පන්දු 397කට මුහුණ දී ලකුණු 199 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. හයේ පහරක් හා හතරේ පහර 19ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ලකුණු 199ට දැවී ගිය ටෙස්ට් ඉතිහාසයේ 12 වැනි පිතිකරුවා හා දෙවැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසයි ඇන්ජෙලෝ මැතිව්ස් ඉතිහාසගත වුණේ.

දිනේෂ් චන්දිමාල් ලකුණු 66ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී නයීම් හසාන් ලකුණු 105කට කඩුලු 6ක් බිද හෙලුවා. ශකිබ් අල් හසාන් ලකුණු 60කට දවා ගත් කඩුලු සංඛ්‍යාව 3ක්.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 321ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...