Watch : ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවදානය දිනූ මොයීන් අලීගේ අමුතු පහර

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී එංගලන්ත පිතිකරු මොයීන් අලී එල්ල කිරීමට උත්සාහ කළ පහරක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

දකුණු අප්‍රිකාවේ Kimberley හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 346 ක් රැස් කළා.

එංගලන්ත ඉනිමේ 44 වැනි පන්දුවාරයේ දී ටබ්රයිස් ශම්සිට එරෙහිවයි මොයීන් අලී මෙම සුවිශේෂී පහර එල්ල කිරීමට තැත් කළේ.

එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවට ඔහු විසින් රිවර්ස් slog පහරක් තනි අතින් එල්ල කිරීමට උත්හාස කළ නමුත්, පන්දුව පිත්තේ නොවැදී එය කඩුලු රකින්නා අතට ඇදී ගියා.(දර්ශන කිහිපයක් පහතින් නරඹන්න)

මොයීන් අලී මෙම ඉනිමේ දී පන්දු 23 කින් ලකුණු 41 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ද සමගින්.

මෙම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 43.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 287 ක් පමණයි.

ඒ අනුව එංගලන්තයට ලකුණු 59 ක ජයක් හිමි වූ අතර, එක්දින තරගාවලියේ ජය තරග 2-1 ක් ලෙස දකුණු අප්‍රිකාව හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...