ආචර්ගේ කඩුලු 6 සහ මලාන්ගේ හා බට්ලර්ගේ ශතක එංගලන්තය පූර්ණ තරගාවලි පරාජයකින් ගලවයි

Date:

ජොෆ්ර ආචර් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී බිද හෙලූ සිය පළමු කඩුලු පහේ අවස්ථාව මෙන්ම නායක ජොස් බට්ලර් හා ඩේවිඩ් මලාන් වාර්තා කළ විශිෂ්ඨ ශතකවලින් ශක්තිමත් වෙමින් දකුණු අප්‍රිකාවට එරෙහි තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර්තා කරමින් දකුණු අප්‍රිකාව හමුවේ පූර්ණ එක්දින තරගාවලි පරාජයකින් ගැලවීමට එංගලන්ත කණ්ඩායම ඊයේ(1) රාත්‍රියේ සමත් වුණා.

දකුණු අප්‍රිකාවේ Kimberley හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 346 ක් රැස් කළා. මලාන් ලකුණු 118 ක් පන්දු 114 කින් රැස් කළ අතර, බට්ලර් පන්දු 127 කින් ලකුණු 131 ක් ලබා ගත්තා. මලාන්ගේ ඉනිම හයේ පහර 6 කින් හා හතරේ පහර 7 කින් වර්ණවත් වුණා. බට්ලර්ගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 14 දී බිද වැටුණු පසුබිමකයි ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 232 (211) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට පදනම සකස් කළේ.

මොයින් අලී පන්දු 23 කින් ලකුණු 41 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ද සමගින්.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 62 කට කඩුලු 4 ක් බිද හෙලූ අතර, මාර්කෝ ජන්සෙන් ලකුණු 53 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 43.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 287 ක් පමණයි.

හෙන්රික් ක්ලාසෙන් පන්දු 62 කින් ලකුණු 80 ක් ලබා ගත් අතර, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 52 (61) ක් රැස් කළා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 39 කටත්, ටෙම්බා බවුමා ලකුණු 35 කටත් දැවී ගියා.

සිය හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කළ ජොෆ්ර ආචර් ලකුණු 40 කට කඩුලු 6 ක් දවා ගැනීම කැපී පෙනුණා. (දර්ශන පහතින්) අඩිල් රෂීඩ් ලකුණු 68 කට කඩුලු 3 ක් දවා ගත්තා.

මෙම තරගයෙන් එංගලන්තය ජය ගත්ත ද, තරගාවලියේ ජය තරග 2-1 ක් ලෙස හිමි වූයේ දකුණු අප්‍රිකාවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...