Watch : ලේතම්ගේ කඩුල්ල බිද දැමූ අසිතගේ සුපිරි යෝකර් පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වන විට ක්‍රයිස්චර්ච් හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

නවසීලන්ත පළමු ඉනිමේ දී සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගැනීමට අසිත ප්‍රනාන්දු අද සමත් වුණා.

දැවී යන විට ලේතම් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 67 ක්. ඒ, හතරේ පහර 7 ක් ද සමගින්. නවසීලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි ටොම් ලේතම් දැවී ගියේ.

අද දිනය ආරම්භ කරන විට නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 305 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 355 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් රැස් කළා, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 47 ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 46 ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 64 ක් ලබා දෙමින්. මැට් හෙන්රි ලකුණු 80 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...