දකුණු අප්‍රිකාව ලකුණු 73 ක් ඉදිරියෙන්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(10)

ජොහැනස්බර්ග් හී දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය ඊයේ නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 4 ක් ලබා සිටියා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඊයේ දිනය ආරම්භ කරන විට ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 311 ක්. දකුණු අප්‍රිකාවේ සියලු දෙනා ලකුණු 320 කට දැවී ගියා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 96 ක් රැස් කළ අතර, Tony de Zorzi ලකුණු 85 ක් ලබා ගත්තා. ඩීන් එල්ගර් ලකුණු 42 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප්, ක්යල් මේයර්ස් හා Gudakesh Motie කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 251 ක් පමණයි. ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 81 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Gerald Coetzee කඩුලු 3 ක් බිද හෙලුවා. කාගිසෝ රබාඩා හා සයිමන් හාර්මර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ වන විට දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 73 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...