Watch : රහානේගේ කඩුල්ල වනිදුට ගොදුරු වූ හැටි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මෙවර අයි.පී.එල් තරගාවලියේ සිය දෙවැනි කඩුල්ල දවා ගැනීමට අද(17) සමත් වුණා.

ඒ, තරගාවලියේ 24 වැනි තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මැදපෙල පිතිකරු අජින්කෙයා රහානේගේ කඩුල්ල දවා ගනිමින්.

බැංගලූරුහී දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව සුපර් කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 226 ක් ලබා ගනිමින්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 83 ක් හා ශිවම් ඩූබේ ලකුණු 52 ක් රැස් කරමින් චෙන්නායි ඉනිම ශක්තිමත් කළා.

රහානේ ලකුණු 37 ක් ලබා සිටියදී යි වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී ගියේ.

වනිදු පන්දුවාර 2ක් පමණක් යොමු කර එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 21 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

වනිදු හසරංග දවා ගත් කඩුල්ල පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...