Watch : කෝලිගේ අවාසනාවන්ත දැවී යාම

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයේ දී ඉතා අවාසනාවන්ත දැවී යාමකට මුහුණ දීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාට් කෝලිට අද(17) සිදු වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

බැංගලූරුහී දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව සුපර් කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 226 ක් ලබා ගනිමින්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 83 ක් හා ශිවම් ඩූබේ ලකුණු 52 ක් රැස් කරමින් චෙන්නායි ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී වනිදු හසරංග පන්දුවාර 2ක් යොමු කර ලකුණු 21 කට කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස විරාට් කෝලි ලකුණු 6 කට දැවී ගියා. ඒ, ආකාශ් සිංගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

පිත්තේ වැදුණු පන්දුව ඔහුගේ පාදයක වැදී කඩුල්ල වෙත ඇදී යාම හේතුවෙනුයි කෝලි දැවී ගියේ.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...