Watch : මේයර්ස් දැවී ගිය ක්‍රිස්ගේ සුපිරි පන්දුව

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 23 වැනි තරගය අද(1) හරාරේ හී දී ආරම්භ වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි. සුපිරි 6 වටයේ තෙවැනි තරගය ලෙසයි මෙම තරගය පැවැත්වෙන්නේ.

මෙම තරගයෙන් කොදෙව්වන් පරාජයට පත්වුවහොත් ඔවුන්ට 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී යනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කොදෙව් ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 30 ක් තුළ බිද වැටුණා. ජොන්සන් චාර්ල්ස් හා ශමාර් බෘක්ස් ලකුණු නොලබා දැවී ගිය අතර, බ්‍රෙන්ඩන් කිං ලකුණු 22 යි.

ක්යල් මේයර්ස් ලකුණු 5 කට දැවී ගියේ ක්‍රිස් සෝල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

එම කඩුල්ලේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...