ඇලන් බෝර්ඩර් ගැන අසුබ ආරංචියක්

Date:

තමා පාර්කින්සන් රෝගයෙන් පෙළෙමින් සිටින බව ඔස්ට්‍රේලියානු හිටපු නායකයෙකු වන ඇලන් බෝර්ඩර් පවසනවා.

68 වන වියේ පසු වන ඔහු 2016 වසරේ සිට මෙම රෝගයෙන් පීඩා විදින බව සදහන්.

Newscorp වෙත අදහස් දක්වමිනුයි ඇලන් බෝර්ඩර් මේ බව සදහන් කර තිබෙනවා.

1979 වසරේ සිට 1994 වසර දක්වා වූ කාලයේ දී ඔහු ටෙස්ට් තරග 156 ක් ක්‍රීඩා කළ අතර, ඉන් තරග 93 කදී ඔහු කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

ටෙස්ට් ලකුණු 11,174 ක් රැස් කර තිබූ ඇලන් බෝර්ඩර් ටෙස්ට් ලකුණු 11,000 ක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි ඉතිහාසගතව ඇත්තේ.

1987 ලෝක ශූරතාවය දිනා ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට නායකත්වය ලබා දුන් බෝර්ඩර් එක්දින තරග 273 ක් ක්‍රීඩා කළා.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස හා විස්තර විචාරකයෙකු ලෙස ද ඇලන් බෝර්ඩර් කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...