Watch : මෙල්බර්න් ක්‍රීඩාංගනයේ වහලයේ වදින්න කූපර් ගහපු පහර

Date:

2024 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය මෙරට වේලාවෙන් අද(23) දහවල් මෙල්බර්න්හි Docklands ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

වහලයකින් ආවරණය කර තිබීම හේතුවෙන් ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන ඇති මෙම ක්‍රීඩාංංගනයේදී අද පැවැත්වුණේ පර්ත් ස්කෝචර්ස් හා මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම් අතර තරගයයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පර්ත් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 143 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළ අතර, පර්ත් ඉනිම අතරතුරදී Cooper Connolly එල්ල කළ පහරකින් පසුව පන්දුව වහලයේ වැදීම කැපි පෙනුණා.

කේන් රිචර්ඩ්සන් යොමු කළ පර්ත් ඉනිමේ 10 වැනි පන්දුවාරය අතරතුරදීයි Cooper Connolly එල්ල කළ පහරකින් පසුව පන්දුව මෙලෙස ක්‍රීඩාංගනයේ වහලයේ වැදී බිමට ඇද වැටුණේ.

එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට යාමේදී කේන් රිචර්ඩ්සන් ඇගිල්ලක සුළු ආබාධයකට ද ලක් වන ආකාරයක් දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත්, මෙම පන්දුව අජීවී පන්දුවක් ලෙසයි විනිසුරු විසින් සංඥා කළේ.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...