දකුණු අප්‍රිකාවේ පරාජය ඉතිහාසගත වූ හැටි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමවේදය යටතේ ලකුණු 36 ක පරාජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට සිදු වුණා.

එම පරාජයත් සමග දකුණු අප්‍රිකාවට එක්දින තරගාවලිය ද තරග 3-0 ක් ලෙස පරාජයට පත් වීමට සිදු වූ අතර, ඔවුන් එලෙස සිය රටේදී පූර්ණ ලෙස ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පරාජයට පත් වූයේ පළමු වරටයි.

ජොහැනස්බර්ග්හි පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම පන්දුවාර 47 කට සීමා වූ අතර, පාකිස්තානය කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 308 ක්.

සයීම් අයුබ් ලකුණු 101 යි. මොහමඩ් රිස්වාන් ලකුණු 53 ක් හා බාබර් අසාම් ලකුණු 52 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා ලකුණු 56 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට තරගය ජය ගැනීමට DLS ක්‍රමවේදය යටතේ ලකුණු 308 ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 42 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 271 ක් පමණයි.

හෙන්රික් ක්ලාසන් පන්දු 43 කින් ලකුණු 81 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Sufiyan Muqeem ලකුණු 52 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...