Watch : මුරලිට මෙතරම් තරහ යන අයුරු ඔබ මීට පෙර IPL පිටියේ දී දැක තිබේද ?

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගය ඊයේ(27) රාත්‍රියේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තියුණු අවසානයක් දැක බලා ගැනීමේ අවස්ථාව ලොව පුරා ප්‍රේක්ෂකයින්ට උදා කරමින්.

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවැති මෙම තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් පන්දුවේ දී කඩුලු 5ක ජයක් වාර්තා කළා.

ඒ, රෂීඩ් ඛාන් හා රාහුල් තෙවාටියා අවසන් පන්දුවාරයේ දී එල්ල කළ හයේ පහර 4ට ස්තූතිවන්නටයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කළා.

පිළිතුරු ලෙස ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

මාර්කෝ ජන්සෙන් යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ගුජරාට් පිලට ලකුණු 22ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරයේ පළමු පන්දුවට රාහුල් තෙවාටියා හයේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු ඉහළ නංවනු ලැබුවා.

ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය රෂීඩ් ඛාන් අවසන් පන්දුවාරයේ තෙවැනි, පස්වැනි හා හයවැනි පන්දුවලට හයේ පහර බැගින් එල්ල කරමින් සිය කණ්ඩායමට සුපිරි ජයක් ගෙන ඒමට සමත් වුණා.

එම පන්දුවාරය අතරතුර එක් අවස්ථාවකදී සන්රයිසස් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු මුත්තයියා මුරලිදරන් දැඩි ආවේගයෙන් පසුවන ආකාරයක් දක්නට ලැබුණා.

අවසන් පන්දුවාරයේ දී මාර්කෝ ජන්සෙන් යොමු කළ පන්දු පිළිබද අසතුට පල කරමින් ඔහු එලෙස ආවේගයෙන් හැසිරෙනු දක්නට ලැබුණු අතර, මුත්තයියා මුරලිදරන් අයි.පී.එල් තරගාවලියේ දී එතරම් ආවේගයකින් හැසිරෙන ආකාරය මීට පෙර කිසිදා දැක නොමැති බවයි බොහෝ ප්‍රේක්ෂකයින් ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ.

එම අවස්ථාවේ දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...