Watch : ප්‍රේක්ෂකයින්ට මාලිංග සිහි කළ උම්රාන් මලික්ගේ සුපිරි කඩුලු 5

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පන්දු යවන්නෙකු තරගයකදී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් කඩුලු 5ක් දවා ගැනීමට ඊයේ (27) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 40 වැනි තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය පැවැත්වුණේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ගුජරාට් ඉනිමේ දී විශීෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් උම්රාන් මලික් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණේ ප්‍රතිවාදීන්ට ලකුණු 25ක් පමණක් සිය පන්දුවාර 4 තුළ දී ලබා දෙමින්.

ගුජරාට් ඉනිමේ දැවී ගිය කඩුලු පහම දවා ගත්තේ ඔහු විසින් වීම ද කැපී පෙනුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ව්රිධිමන් සහා(68), ෂුබ්මන් ගිල්(22), හර්ඩික් පාන්ඩ්යා(10), ඩේවිඩ් මිලර්(17) හා අභිනව් මනෝහාර්(0) යන පිතිකරුවන්.

එම කඩුලු අතරින් පාන්ඩ්යාගේ කඩුල්ල හැර සෙසු සියලු කඩුලු දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඉතා වේගයෙන් පන්දු යොමු කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ උම්රාන් මලික්, ව්රිධිමන් සහා දවා ගැනීමට යොමු කළ පන්දුවේ වේගය පැයට කිලෝ මීටර් 153කට ආසන්න වීම විශේෂත්වයක්.

මෙම තරගයෙන් සන්රයිසස් කණ්ඩායම පරාජයට පත් වුවද, තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ උම්රාන් මලික්.

කඩුලු පහේ දර්ශන පහතින් නරඹන්න –

https://twitter.com/cric12222/status/1519567863434031105

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...