Watch : මීටර් 112 ක් දුරට ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ගහපු අති දැවැන්ත හයේ පහර මෙන්න

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙකු මෙතෙක් එල්ල කළ දිගම හයේ පහර එල්ල කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රි ෆ්ලෙචර් අද(10) සමත් වුණා.

ඒ, දඹුල්ලේ දී ආරම්භ වූ තරගාවලියේ 14 වැනි තරගයේ දී ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 187 ක් ලබා ගනිමින්.

ෆ්ලෙචර් පන්දු 43 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 69 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු 11 වැනි පන්දුවාරයේ දී ඉසුරු උදානට එරෙහිව එල්ල කළ හයේ පහරක දුර සටහන් වූයේ මීටර් 112 ක් ලෙසයි. එය මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහරයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...