ශ්‍රී ලංකාවට එන ඉන්දීය එක්දින හා T20 කණ්ඩායම්වල නායකයින් කවුද? ඉන්දීය මාධ්‍යයෙන් අනාවරණයක්

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා කටයුතු කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වන්නේයැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, මෙතෙක් විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව ශූරතාවය දිනා ගැනීමත් සමග විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීම හේතුවෙන්.

ඔහුට අමතරව සුපිරි පිතිකරු විරාත් කෝලි හා තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ද ලෝක කුසලානයෙන් පසු විස්සයි 20 ජාත්‍යන්තර පිටියට සමු දීමට තීරණය කළා.

මේ දිනවලදී ඉන්දීය කණ්ඩායම සිම්බාබ්වේ හී දී විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කරමින් සිටින අතර, එම තරගාවලියේ නායකයා ලෙස කටයුතු කරන්නේ ෂුබ්මන් ගිල්. එම තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කරන්නේ නැහැ.

කෙසේ වෙතත්, එළඹෙන ශ්‍රී ලංකා විස්සයි 20 තරගාවලියෙන් හර්ඩික් පාන්ඩ්යා විවේක ගැන්වීමක් සිදු නොකරනු ඇති බවත්, ඒ අනුව ඔහු විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළ පාන්ඩ්යා මීට පෙර විස්සයි 20 තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

මේ අතර, එළඹෙන ශ්‍රී ලංකා සංචාරයෙන් රෝහිත් ෂර්මා, විරාත් කෝලි හා ජස්ප්‍රිට් බුම්රා විවේක ගැන්වීමට නියමිතව ඇති බව ද සදහන්.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා නොමැති වීම හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේ එල් රාහුල්ට පැවරීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ජූලි 27 වැනිදා සිට ක්‍රියාත්මක ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...