Watch: මැන්කඩ් අනතුරු ඇගවීම් මැද ඇති වූ උණුසුම් වචන හුවමාරුවෙන් පසු ඇලන් දැක් වූ සුපිරි ප්‍රතිචාරය

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී Adelaide Strikers කණ්ඩායමේ ජෙමී ඕවර්ටන් හා Perth Scorchers කණ්ඩායමේ ෆින් ඇලන් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

ඒ, ඕවර්ටන් විසින් ෆින් ඇලන් මැන්කඩ් ක්‍රමය යටතේ දුවද්දී දවා ගැනීමට උත්සාහ කිරීමත් සමගයි.

ඇඩිලේඩ්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 142 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කෝචර්ස් පිල පන්දුවාර 14.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ස්කෝචර්ස් ඉනිමේ 8 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුව යොමු කිරීමට උත්සාහ කිරීමේදී ඕවර්ටන් විසින් පන්දු යවන අන්තයේ රැදී සිටි ෆින් ඇලන් මෙලෙස දුවද්දී දවා ගැනීමට උත්සාහ කළා.

ඔහු එහිදී කඩුල්ල බිද දැමූ නමුත්, ඕවර්ටන් විසින් ඔහුව දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කරන්නැයි විනිසුරුගෙන් ඉල්ලා සිටියේ නැහැ.

ඒ අනුව ඔහු විසින් කඩුල්ල බිද දැමුවේ අනතුරු ඇගවීමක් සිදු කිරීමේ අරමුණිනුයි.

එම අවස්ථාවේදී යම් වචන හුවමාරුවක් ද ක්‍රීඩකයින් දෙදෙනා අතර සිදු වන ආකාරය දැක ගත හැකි වුණා.

විශේෂත්වය වූයේ එම පන්දුවාරයේ අවසන් පන්දුවට ෆින් ඇලන් විසින් අලංකාර හයේ පහරක් එල්ල කරමින් ජෙමී ඕවර්ටන්ට සිය ප්‍රතිචාරය දක්වා සිටීමයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...