ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින තරගය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට යෙදී ඇති එක්දින ජාත්‍යන්තර තරගය හම්බන්තොට ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(1) නිවේදනය කළා.

මීට පෙර තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබූ නමුත්, එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ.

ඒ අනුව අද දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පැවසුවේ එක්දින තරගය හම්බන්තොටදී දිවා රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

නව වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලට යෙදී ඇති මෙම තරග සංචාරයට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වැදගත් තරග දෙකක් හා එක් එක්දින තරගයක් ඇතුළත්.

ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.

ටෙස්ට් තරගාවලියේ තරග දෙකම දග පන්දු යවන්නන්ට වැඩි වාසිදායක ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ජනවාරි 29 වැනිදා පළමු ටෙස්ට් තරගය ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ පෙබරවාරි 6 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...