Watch : මැක්ස්වීනි හා ලබුෂේන් එක්ව රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(22) පර්ත්හීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

ඉන්දීය ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස හර්ෂිත් රානා දවා ගැනීමට නේදන් මැක්ස්වීනි හා මර්නස් ලබුෂේන් එක්ව විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

ජොෂ් හේසල්වුඩ් යොමු කළ පන්දුවකින් පසුව පිත්තේ පිට දාරයේ වැදුණු පන්දුව උඩ පන්දුවක් ලෙස ගලී ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි නේදන් මැක්ස්වීනි අතට ඇදී ගිය නමුත්, ඔහුට එය සාර්ථක ලෙස රැක ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, ඔහුගේ අතෙහි වැදුණු පන්දුව ස්ලිප්හි පන්දු රකිමින් සිටි ලබුෂේන් දෙසට ඇදී ගිය අතර, එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ලබුෂේන් උඩ පන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට සමත් වුණා.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...