පවන්ගෙන් හා සොනාල්ගෙන් නොදැවුණු ශතක – දෙවැනි තරගය ජය පැරදුමෙන් තොර වෙයි

Date:

පාකිස්තාන ශහීන්ස් (A කණ්ඩායම) හා සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය අද(21) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය අද නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 284 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන A කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 156 ක්.

Mohammad Suleman නොදැවී ලකුණු 66 යි. චාමික ගුණසේකර, ඉසිත විජේසුන්දර හා නිපුන් ධනංජය කඩුල්ල බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටි අතර, ඔවුන් ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4 ක් දැවී ලකුණූ 260 ක් ලබා සිටියදීයි.

පවන් රත්නායක නොදැවී ලකුණු 100 ක් හා සොනාල් දිනූෂ නොදැවී ලකුණු 116 ක් රැස් කළා. ඒ, පුලිදු පෙරේරා ලකුණු 5කටත්, නිපුන් ධනංජය ලකුණු 6කටත්, අහන් වික්‍රමසිංහ ලකුණූ 15 කටත්, නායක පසිදු සූරියබණ්ඩාර ලකුණු 11 කටත් දැවී ගිය පසුබිමකයි. පන්දු යැවීමේ දී Ahmed Bashir ලකුණු 65 කට කඩුලු දෙකක් දවා ගත්තා.

රාවල්පින්ඩිහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 310 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 287 ක්.

ශ්‍රී ලංකා A පළමු ඉනිම වෙනුවෙන් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 85 ක් හා වනුජ සහන් ලකුණු 63 ක් රැස් කළා. ඉසිත විජේසුන්දර ලකුණු 51 යි. පන්දු යැවීමේ දී Khurram Shahzad ලකුණු 30 කට කඩුලු 6 ක් දවා ගත්තා.

පාකිස්තාන A පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 59 ක් රැස් කළ Abdul Faseeh. පන්දු යැවීමේ දී වනුජ සහන් ලකුණු 74 කට කඩුලු 5 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...