Watch : මහීෂ් තීක්ෂණගේ මංගල IPL කඩුල්ල

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය පළමු අයි.පී.එල් කඩුල්ල දවා ගැනීමට අද(12) සමත් වුණා.

ඒ, චෙන්නායි කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර අද රාත්‍රියේ ආරම්භ වූ තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බැංගලෝර් පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරිමට චෙන්නායි පන්දු යවන්නන් සමත් වුණා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 8ක් ලබා සිටි නායක ෆෆ් ඩු ප්ලෙසිස්.

ඔහුගේ කඩුල්ල දවා ගත්තේ මහීෂ් තීක්ෂණ විසින්.

ඒ වන විට බැංගලෝර් ලකුණු පුවරුව දැක්වුණේ පන්දුවාර 2.5ක් අවසානයේ ලකුණු 14ක් ලෙසයි.

මහීෂ් තීක්ෂණ පසුගිය 9 වැනිදා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී අයි.පී.එල් වරම් දිනා ගත් නමුත්, එම තරගයේ දී ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

තීක්ෂණගේ මංගල අයි.පී.එල් කඩුල්ල පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...