Watch : උතාපා හා ජඩේජා වනිදුට ගොදුරු වූ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී අද(12) රාත්‍රියේ ආරම්භ වු‍ණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 216ක් රැස් කිරීමට සමත් වුණා.

රොබින් උතාපා ලකුණු 88(50)ක් හා ශිවම් දූබේ පන්දු 46කින් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තා.

උතාපාගේ ඉනිමට හයේ පහර 9ක් ද, දූබේගේ ඉනිමට හයේ පහර 8ක් ද ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා.

හසරංග මේ වන විට මෙවර තරගාවලියේ දී දවා ගෙන ඇති කඩුලු ගණන 10ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...