Watch: මදුෂංකගේ සුපිරි පන්දුවක් හමුවේ ගුර්බාස් ලකුණු නොලබා දැවී ගිය හැටි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක අද(30) සමත් වුණා.

පූනේ හී දී ආරම්භ වූ තරගයේ දී කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 241 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 46 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ඇෆ්ඝනිස්තාන පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම ගුර්බාස් දැවී ගියේ මදුෂංකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දැවී යන විට ඔහු කිසිදු ලකුණක් රැස් කර තිබුණේ නැහැ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...