Watch : බෙනී හවෙල් පළමු පන්දුවෙන්ම දැවී ගිය මොහොතේ ප්‍රේක්ෂකයෙකු කළ දේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය අද (17) රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටාර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 41 ක් රැස් කරමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 20යි. පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 11 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ස්ටාර්ස් ඉනිමේ දී බෙනී හවෙල් පළමු පන්දුවෙන්ම දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ අවස්ථාවක් බවට පත් වුණා.

ඊට හේතු වූයේ බෙනී හවෙල් පිටියට පිවිසි අවස්ථාවේ දී ප්‍රේක්ෂකයෙකු විසින් ඔහුට සහාය පල කරමින් ප්‍රදර්ශනය කළ බැනරයක්, ඔහු පළමු පන්දුවෙන්ම දැවී ගිය විගස වහාම ඉවත් කිරීමට කටයුතු කිරීමයි. (දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...