චාමික, තෝමස් හා කමිදුගේ දක්ෂතා කැන්ඩි ෆැල්කන්ස් පිලට 6 වැනි ජයත් හිමි කර දෙයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද (17) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 106 ක් පමණයි.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 41 ක් රැස් කරමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 20යි. චරිත් අසලංක ලකුණු 12 කට දැවී ගිය අතර, සුරංග ලක්මාල් ලකුණු 15 ක් රැස් කළා. යළිත් අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 11 කට කඩුලු 4 ක් දවා ගත්තා. ඔෂේන් තෝමස් ලකුණු 20 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් පිල ඉනිම නිමා වීමට පන්දු 24 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

මිනෝද් භානුක ලකුණු 6 කට දැවී ගියා. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් පන්දු 41 කින් නොදැවී ලකුණු 44 ක් ලබා ගත් අතර, කමිදු මෙන්ඩිස් පන්දු 48 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මේ වන විට තරග 7කින් තරග 6 ක් ජය ගනිමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන කලම්බු ස්ටාර්ස් කණ්ඩායම තරග 7 කින් ජය ගෙන ඇත්තේ තරග 3ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...