Watch : බෙන් ස්ටොක්ස්ගේ මාධ්‍ය හමුවට වුඩ්ගෙන් බාධා ; අවසන් තරගයට එංගලන්ත කණ්ඩායමත් නම් කෙරේ

Date:

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව සිව්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමම අවසන් තරගය සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ප්‍රවීන වේග පන්දුයවන්නන් වන ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුව්ට් බ්‍රෝඩ් මෙම කණ්ඩායමේ ද ස්ථාන තහවුරු කර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගය හෙට(27) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට තරග 2-1 ක් ලෙස අළුබදුන තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

මේ අතර, අවසන් තරගය ආරම්භ වීමට පෙර අද පැවැති මාධ්‍ය හමුවේ දී එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ට අපූර්ව අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා.

මාධ්‍ය හමුව අතරතුර දී එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් විසින් එම මාධ්‍ය හමුවට බාධා එල්ල කළේ ගීතයක් වාදනය වීමට සලස්වමින්. ඒ, මාධ්‍ය හමුවට එක් වූ සියලු දෙනා සිනහවට ලක් කරමින්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...