Watch : පිට පිට හයේ පහර 4 ක් එල්ල කරමින් දසුන් ශානක හරාරේ පිලට ජය ගෙනෙයි

Date:

සිම්බාබ්වේ හී දී පැවැත්වෙන Zim Afro T10 ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී පිට පිට හයේ පහර 4 ක් එල්ල කරමින් Harare Bolts කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට නායක දසුන් ශානක සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Bulawayo Brave Jaguars කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Bulawayo Brave Jaguars කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 96 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී එක් පන්දුවාරයක් යොමු කළ ශෙහාන් ජයසූරිය ලකුණු හයකට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Harare Bolts කණ්ඩායම පන්දුවාර 7.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් කඩුලු හතක ජයක් හිමි කර ගත්තා.

දසුන් ශානක පන්දු 18 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 47 ක්. හයේ පහර හයක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

2016 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එංගලන්තයට එරෙහිව තරගය ජය ගැනීම සදහා අවසන් පන්දු හයට ලකුණු 19 ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ අවස්ථාවක කාර්ලස් බ්‍රැත්වෙයිට් විසින් පළමු පන්දු හතරට හයේ පහර 4 ක් එල්ල කරමින් කොදෙව්වන්ට ලෝක ශූරතාවය දිනා දුන් අයුරු ඔබට මතක ඇති.

Zim Afro T10 ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී දසුන් ශානක ද සිය කණ්ඩායමට ජයග්‍රහනය සදහා පන්දු 18 කින් ලකුණු 19 ක් අවශ්‍යව තිබූ පසුබිමකයි පිට පිට හයේ පහර 4 ක් කාර්ලස් බ්‍රැත්වෙයිට්ට එරෙහිවම එල්ල කරමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...