බෘෘක්ගේ මංගල එක්දින ශතකය එංගලන්තයේ බලාපොරොත්තු රැක දෙයි

Date:

හැරී බෘෘක් නොදැවී වාර්තා කළ සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය හමුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 46 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා.

කෙසේ වෙතත්, තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තවදුරටත් තරග 2-1 ක් ලෙස පෙරමුණේ පසුවන්නේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

Chester-le-Street හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 304 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළා.

ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 77 (65) ක් ලබා ගත් අතර, ස්ටීවන් ස්මිත් ලකුණු 60(82) ක් රැස් කළා. Aaron Hardie පන්දු 26 කින් ලකුණු 44 ක් ද, ග්ලේන් මැල්ක්වෙල් පන්දු 25 කින් ලකුණු 30 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් ලකුණු 67 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ඉනිමට පන්දුවාර 37.4 ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ වන විට ඔවුන් කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 254 ක්.

අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ එංගලන්තය ඒ වන විට ජයග්‍රහනය සදහා ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 209 ක්. ඒ අනුවයි එංගලන්තයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 46 ක ජයක් හිමි වුණේ.

හැරී බෘෘක් පන්දු 94 කින් හයේ පහර 2 ක් හා හතරේ පහර 13 ක් සමගින් නොදැවී ලකුණු 110 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.

විල් ජැක්ස් ලකුණු 84 ක් ලබා ගත්තේ පන්දු 82 කින්. ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී ලකුණු 33(20) යි.

ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 11 ක් තුළ දැවී ගිය පසුබිමක බෘෘක් හා ජැක්ස් තෙවැනි කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 156 (148) ක්.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් හා කැමරන් ග්‍රීන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...