Watch : ප්‍රිත්වි ෂෝ දවා ගැනීමට බුම්රා යොමු කළ සුපිරි කෙටි පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක 69 වැනි තරගය අද(21) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

අවසන් වටයට(Playoffs) සුදුසුකම් ලබා ගැනීමටනම් දිල්ලි කණ්ඩායමට මෙම තරගයේ ජය අනිවාර්යය වනවා.

ඔවුන් මෙම තරගයෙන් පරාජයට පත් වුවහොත් දිල්ලි කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ප්‍රිත්වි ෂෝ දවා ගැනීම සදහා ජස්ප්‍රිට් බුම්රා විසින් සුපිරි කෙටි පන්දුවක් යොමු කරනු ලැබුවා.

එම පන්දුව ෂෝගේ අත් ආවරණයේ වැදී කඩුලු රකින ක්‍රීඩක ඉෂාන් කිෂන් වෙතයි ඇදී ගියේ.

දැවී යන විට ප්‍රිත්වි ෂෝ පන්දු 23කින් ලකුණු 24ක් රැස් කර සිටියා.

එම දැවී යාමේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...