Watch : පවෙල්ගේ කඩුල්ල දවා ගැනීමට බුම්රා යොමු කළ සුපිරි යෝකරය

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 69 වැනි තරගය අද(21) රාත්‍රියේ දී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොව්මන් පවෙල් පන්දු 34කින් ලකුණු 43ක් ලබා ගත්තා.

ජස්ප්‍රිට් බුම්රා ලකුණු 25කට කඩුලු 3ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.

ඔහු දවා ගත් කඩුලු අතරට රොව්මන් පවෙල්ගේ කඩුල්ල ද ඇතුළත්.

බුම්රා යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි පවෙල්ට සිය කඩුල්ල අහිමි වුණේ.

එහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...