Watch : ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පැමිණි පිරිසක් හේතුවෙන් දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පැමිණි පිරිසක් හේතුවෙන් දඹුල්ල ක්‍රීඩාංගනය ආසන්නයේ යම් උණුසුම් තත්ත්වයක් අද(19) හට ගත්තා.

තරගාවලියේ අවසන් තරග දෙක සදහා වන ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර සිටියා.

ඒ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර කවුළු වෙතට නොපැමිණෙන ලෙසයි ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක අද දිනයේ දී ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් දෙවැනි තරගය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩාංගනය අසලට පැමිණ සිටියා.

එහිදී යම් උණුසුම් තත්ත්වයක් ද හට ගත් අතර, තත්ත්වය පාලනයට පොලීසියට ද මැදිහත් වීමට සිදු වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...