Watch : පළමු පන්දුවාරයේ දී ම මිචෙල් ස්ටක්ට වැදුණු දැවැන්ත හයේ පහර

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය ආරම්භ කරමින් පළමු තරගය මේ වන විට සත්කාරක ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සිඩ්නි හී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ෆින් ඇලන් සමගින් ඩෙවෝන් කොන්වේ.

ඔවුන් දෙදෙනා නවසීලන්ත කණ්ඩායමට කිසිවෙකුත් නොසිතූ වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් වුණා.

පන්දු 25 කින් වාර්තා වූ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය බිද වැටුණේ ලකුණු 56 ක් ලෙස සටහන්ව තිබියදී යි.

ඒ, ෆින් ඇලන් ලකුණු 42 කට දැවී යාමත් සමගයි. පන්දු 16 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

තරගයේ පළමු පන්දුවාරයේ දී ම මිචෙල් ස්ටක්ට එරෙහිව ෆින් ඇලන් එල්ල කළ සුපිරි හයේ පහරේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...