ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගයට වැස්ස හරස් වෙයි ද? පැතුම්ට මොකද වෙන්නේ ?

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හෙට(23) පැවැත්වෙනවා.

හෝබාර්ට් හී දී මෙම තරගය පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්ත කණ්ඩායමයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගය සදහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ සහභාගීත්වය මේ වන විට අවිනිශ්චිතව ඇත්තේ පළමු වටය යටතේ නෙදර්ලන්තය සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

කෙසේ වෙතත්, පැතුම් මේ වන විට එම ආබාධයෙන් සුවය ලබා ඇතත්, පූර්වාරක්ෂක පියවරක් ලෙස හෙට තරගය සදහා ඇතැම් විට ඔහුව ක්‍රීඩා කරවීමට කටයුතු නොකරනු ඇති බවට ද වාර්තා වනවා.

පැතුම්ගේ ආබාධය මේ වන විට සම්පූර්ණයෙන් සුව වී ඇති බවට තමා විශ්වාස කරන නමුත්, වෛද්‍ය කමිටුවේ මතය කුමක් දැයි තමා නිශ්චිතව නොදන්නා බවයි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

පැතුම් හෙට තරගය සදහා ක්‍රීඩා නොකළහොත්, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැදවීමට ඉඩ තිබෙනවා.

ආබාධයකට ලක් වීම හේතුවෙන් නෙදර්ලන්තයට එරෙහි තරගය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වූ ප්‍රමෝද් මදුෂාන්ට හෙට තරගය සදහා ක්‍රීඩා කළ හැකි දැයි මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා නොවනු නමුත්, බොහෝ විට ඔහුට ද හෙට තරගය අහිමි වනු ඇති.

මේ අතර, හෙට දිනයේ දී හෝබාර්ට් ප්‍රදේශයට වැසි ඇති වීමේ සම්භාවිතාවය ද ඉහළ අගයක් ගනු ලබනවා.

කාළගුණ අංශ ඉදිරිපත් කර ඇති අනාවැකිවලට අනුව හෙට දිනයේ දී එම ප්‍රදේශයට වර්ෂාව ඇති වීමේ සම්භාවිතාව 84% ක්.

එමෙන්ම 12°කට ආසන්න උෂ්ණත්වයක් ද හෝබාර්ට් ප්‍රදේශයට පවතිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...