Watch : පවෙල් දැවී ගිය නසීම් ශාහ්ගේ සුපිරි යෝකර් පන්දුව

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් රොව්මන් පවෙල්ගේ කඩුල්ල දවා ගැනීමට නසීම් ශාහ් සමත් වුණා.

මෙම තරගය ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා පෙෂාවර් සල්මි කණ්ඩායම අතර කරච්චි හී දී පැවැති අතර, තරගයෙන් කඩුලු 4 ක ජයක් හිමි කර ගත්තේ පෙෂාවර් සල්මි කණ්ඩායම විසින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් ලබා ගත්තා.

ඉෆ්ටිකාර් අහ්මඩ් නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තේ පන්දු 34 කින්. සර්ෆරාස් අහ්මඩ් ලකුණු 34 යි. ඔඩියන් ස්මිත් නොදැවී ලකුණු 25 ක් ලබා ගත්තේ පන්දු 12 කින්.

පන්දු යැවීමේ දී උස්මාන් කාදීර් ලකුණු 26 කට කඩුලු 2ක් දවා ගත්තා. දසුන් ශානක පන්දුවාර 2ක් යොමු කර ප්‍රතිවාදීන්ට ලකුණු 22ක් ලබා දුන් නමුත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 9 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

ජේම්ස් නීෂම් ලකුණු 38(23) ක් හා රොව්මන් පවෙල් ලකුණු 36(23) ක් රැස් කළා. නසීම් ශාහ් යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පවෙල් දැවී යන විට ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ 3ක් අන්තර්ගත වී තිබුණා. (එම කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න)

දසුන් ශානක නොදැවී ලකුණු 16(16) යි. පන්දු යැවීමේ දී මොහමඩ් හස්නයින් ලකුණු 13 කට කඩුලු 3ක් දවා ගත් අතර, නසීම් ශාහ්, මොහමඩ් නවාස් හා කායිස් අහ්මඩ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...