ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 5ක ජයක් ලැබූ ඉන්දියාව අවසන් පූර්ව වටයට

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(20) සමත් වුණා.

ඒ, මූලික වටය යටතේ ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරගයෙන් අයර්ලන්තය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 5 ක ජයක් වාර්තා කරමින්.

Gqeberha හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට අයර්ලන්ත ඉනිමේ පන්දුවාර 8.2 ක් සම්පූර්ණ කර තිබූ අතර, තරගය ජය ගැනීමටනම් අයර්ලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 8.2 කදී කඩුලු 2 ක් දැවී ලබා ගෙන තිබිය යුතු වූ ලකුණු සංඛ්‍යාව 59 ක්.

කෙසේ වෙතත්, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට අයර්ලන්තය රැස් කර ගෙන තිබුණේ කඩුලු 2 ක් දැවී ලකුණු 54 ක් පමණයි. ඒ අනුවයි ඉන්දියාවට ලකුණු 5ක ජයක් හිමි වුණේ.

මෙම තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් පන්දු 56 කින් ලකුණු 87 ක් ලබා ගත් ස්ම්රිති මන්දනා තරගයේ වීරවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇයගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් ඇතුළත් වුණා.

මෙම තරගයේ දී අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම ඉතා දුර්වල මට්ටමක පැවැති අතර, උඩ පන්දු කිහිපයක් ද ඔවුත් අතින් ගිලිහී ගියා.

මේ අනුව දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ එංගලන්තය හා ඉන්දියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...