Watch : පන්දුවක් හිසේ වැදීමෙන් පල්ලියගුරුගේ පාකිස්තාන- UAE තරගයේදී මුහුණ දුන් අනතුර

Date:

පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 10 වැනි තරගයේදී පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ රුචිර පල්ලියගුරුගේ අනතුරකට මුහුණ දුන්නා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එක්සත් අරාබිය පන්දුවාර 17.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 105 ක් පමණයි.

මෙම ජයත් සමග තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට ද පාකිස්තානය සමත් වුණා.

එක්සත් අරාබි ඉනිමේ 6 වැනි පන්දුවාරයේදී පාකිස්තාන පන්දු රකින්නෙකු විසින් පන්දු යවන්නා වෙත යොමු කළ පන්දුවක් රුචිර පල්ලියගුරුගේගේ හිසේ වැදීමෙනුයි ඔහු මෙම තරගයේදී අනතුරකට මුහුණ දුන්නේ.

අනතුරුව ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර, පසුව ඔහු පිටියෙන් ඉවතට රැගෙන යාමටයි කටයුතු කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...