මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(10) රාත්‍රියේ ආරම්භ වූ තරගාවලියේ 55 වැනි තරගයේ දී තමන් යොමු කළ පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත් වුණා.
චෙන්නායි හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස මතීෂ විසින් මනීෂ් පාන්ඩේගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.
කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 27 ක්.
දර්ශන පහතින් නරඹන්න (දර්ශන මූලාශ්‍රය – BCCI)

