ශිවම් ඩූබේ ප්‍රමුඛ පිතිකරුවන්ගේ දක්ෂතා හා මතීෂ පතිරණ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 55 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල කඩුලු 8 ක් දැවී ලකුණු 167 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140 ක් පමණයි.
ඩේවිඩ් වෝනර් ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම දැවී ගිය අතර, වැඩිම ලකුණු ලාභියා වූ රයිලි රොසෝව් ලකුණු 35 ක් රැස් කළා. මනීෂ් පාන්ඩේ ලකුණු 27යි. අක්සාර් පටෙල් ලකුණු 21 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා. දීපක් චහාර් ලකුණු 28 කට කඩුලු 2ක් බිද හෙලුවා. මහීෂ් තීක්ෂණ පන්දුවාර 2ක් පමණක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 16ක් ලබා දුන් නමුත් කිසිදු කඩුල්ලක් බිද හෙලීමට ඔහුට හැකි වූයේ නැහැ.
පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ශිවම් ඩූබේ ලකුණු 25(12) ක්, රුටුරාජ් ගයික්වඩ් ලකුණු 24 ක්, අම්බටි රයිදු ලකුණු 23 ක් රැස් කළා. එම් එම් දෝනි ලකුණු 20(9)යි.
පන්දු යැවීමේ දී මිචෙල් මාෂ් ලකුණු 18 කට කඩුලු 3 ක් බිද හෙලුවා. අක්සාර් පටෙල් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 27 ක් ලබා දෙමින්.
මතීෂ පතිරණ බිද හෙලූ කඩුලු පහතින් නරඹන්න (දර්ශන මූලාශ්‍රය – BCCI)

