Watch : පංජාබ් නායකයාව දවා ගත් වනිදුගේ සුපිරි direct hit එක

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යට‍තේ අද (20) පැවැති මෙවර තරගාවලියේ 27 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පිතිකරුවෙකු දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

මොහාලි හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් ලබා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. වනිදු හසරංග කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 39 ක් ලබා දෙමින්.

වනිදුගේ පන්දු හමුවේ දැවී ගියේ මැතිව් ශෝර්ට් හා ශාරුක් ඛාන් යන පංජාබ් පිතිකරුවන්.

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ වැඩබලන නායක සෑම් කරන් ලකුණු 10 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේ ද වනිදු හසරංගගේ සුපිරි පන්දු රැකීමක් හමුවේයි.

සෑම් කරන් ලකුණක් කරා දිව යාමේ දී පන්දු යවන්නාගේ අන්තයේ පිහිටි කඩුල්ලට වනිදු විසින් විසි කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහු දැවී ගියා.

එහි දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...