මිකී ආතර්ට පාකිස්තානයෙන් නව තනතුරක්

Date:

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ ලෙස හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන මිකී ආතර් පත් කර තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ උපාය මාර්ග සැලසුම් කිරීම, සැකසීම සහ අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය සදහා ඔහු සම්බන්ධ වනු ඇති.

54 හැවිරිදි ඔහු 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය සමග ද එක්වීමට නියමිතයි.

ඊට අමතරව ඔස්ට්‍රේලියානු සංචාරයේ දී මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී ද මිකී ආතර් පාකිස්තාන කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස එක් වීමට නියමිත බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගවලදී ද ඔහු පාකිස්තාන කණ්ඩායම සමග රැදී සිටිනු ඇති.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාලයේ දී මිකී ආතර් පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ධුරය දැරූ අතර, එම කාලයේ දී පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් හා 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

එමෙන්ම 2017 වසරේ දී අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානය ජය ගත්තේ ද මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේයි.

2020 වසරේ දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද පත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...