Watch : නිශාන් මදුෂ්ක බේරා ගන්න සධීර කරපු දේ

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී නිශාන් මදුෂ්ක මුහුණ දීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම අද(4) සමත් වුණා.

ඇෆ්ඝනිස්තාන දෙවැනි ඉනිමේ 28 වැනි පන්දුවාරයේ අවසන් පන්දුව යොමු කිරීමෙන් අනතුරුවයි මෙම අනතුර වළක්වා ගැනීමට සධීර කටයුතු කළේ.

ප්‍රභාත් ජයසූරිය යොමු කළ එම පන්දුවාරයේ අවසන් පන්දුවෙන් පසුව ඊබ්‍රහීම් සඩ්‍රාන් එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව mid on කලාපය වෙත ඇදී ආවා.

පසුව mid on හි පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා පන්දුව රැක ගෙන එය නැවත කඩුලු රකින්නා දෙසට විසි කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී පන්දුව කඩුලු රකින්නා වෙත ගමන් කරමින් තිබූ මාර්ගය හරහා short leg හි පන්දු රකිමින් සිටි නිශාන් මදුෂ්ක සිය හිස් ආවරණය ද ඉවත් කර ගනිමින් ඇවිද යමින් සිටියා.

පන්දුව තමා දෙසට ඇදී එන බවක් නිශාන් මදුෂ්ක නොදැන සිටි අතර, වහාම ක්‍රියාත්මක වූ සධීර සමරවික්‍රම විසින් පන්දුව නිශාන් මදුෂ්කගේ ශරීරයේ ගැටීම වළක්වා ගැනීම සදහා ඔහු ඉදිරියට පැන පන්දුව සිය අතින් වළක්වා ගැනීමට උත්සාහ කළා.

අනතුරුව සධීර යම් අපහසුතාවයකින් පසුවන බවක් දක්නට ලැබුණත් ඔහුට තවදුරටත් ගැටලුවකින් තොරව ක්‍රීඩා කිරීමට හැකි වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...