සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොංහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරඟයේ සිව්වැනි දිනය අදයි(18).
අද දිනයේ දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ශ්රී ලංකාවට හැකි වූයේ නැහැ.
එම කාලය තුළදී බංග්ලාදේශ පිතිකරුවන් සිය පළමු ඉනිම සදහා තවත් ලකුණු 67 ක් රැස් කළ බව අප මීට පෙර වාර්තා කළා.
කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දු දෙකෙන්ම කඩුලු දෙකක් දවා ගැනීමට ශ්රී ලංකාව සමත් වීම විශේෂත්වයක්.
එලෙස දැවී ගියේ ලිටොන් දාස් හා ටමිම් ඉක්බාල්.
දාස් ලකුණු 88කට දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසියේ ලකුණු 133ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් ඊයේ පිටියෙන් ඉවත් වූ ටමිම් ඉක්බාල්.
ඔහු ද දිවා ආහාරයෙන් පසුව යොමු කෙරුණු දෙවැනි පන්දුවෙන් දැවී ගියා.
වේග පන්දු යවන ක්රීඩක කසුන් රාජිත විසිනුයි එම කඩුලු දෙකම දවා ගත්තේ.
එම කඩුලු දෙක දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
— cric fun (@cric12222) May 18, 2022

