Watch : දිමුත් දවා ගැනීමට වෝනර් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 38කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී ගියා. ඒ, පැට් කමින්ස් යොමු කළ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලේක්ස් කෙරී අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 3ක් පමණයි. ඔහු දැවී ගියේ මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවකට කඩුලු රකින ඇලේක්ස් කෙරී අතටම උඩ පන්දුවක් ලබා දීමෙන්.

එම කඩුලු දෙකම දැවී ගියේ දිවා ආහාරය සදහා තරගය නතර කිරීමට පෙරයි.

දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 28කට දැවී ගියා.

පන්දු 84කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත් වුණා.

දිමුත් දැවී ගියේ නේදන් ලයන් යොමු කළ පන්දුවක් හමුවේ ඩේවිඩ් වෝනර් තනි අතින් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි.(දර්ශන පහතින්)

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දිමුත් දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 74ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...