දික්වැල්ලගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිමට සැනසුමක්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව තේ පානය සදහා තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 191ක් ලබා සිටියා.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 51(46)යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත්. මෙය දික්වැල්ල ක්‍රීඩා කරන සිය 50 වැනි ටෙස්ට් තරගය වන අතර, ඔහු අද වාර්තා කළේ තම 21 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 22ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 52(53)ක්.

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 68ක්.

දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 28කට දැවී ගියා. ඒ, නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේයි.

ධනංජය ද සිල්වා ලකුණු 14යි. අනතුරුව දිනේෂ් චන්දිමාල් පළමු පන්දුවෙන්ම දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ මිචෙල් ස්වෙප්සන් විසින්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 39කට දවා ගැනීමට නේදන් ලයන් සමත් වුණා.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව ලකුණු 123 ක් රැස් කිරීමට සමත් වූ අතර, ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 38කට සීමා වුණා. ඒ, පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී යාමත් සමගයි. කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 3ක් පමණයි.

පන්දු යැවීමේ දී මේ වන විට මිචෙල් ස්ටක් හා පැට් කමින්ස් එක් කඩුල්ල බැගින් ද, මිචෙල් ස්වෙප්සන් හා නේදන් ලයන් කඩුලු 2 බැගින් ද බිද හෙලා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...