Watch : තීක්ෂණගේ සුපිරි පන්දුවක් හමුවේ Gumbie දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි පන්දුවක් යොමු කරමින් සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(8) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ පිලේ පළමු කඩුල්ල ලෙස Tinashe Kamunhukamwe ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා. ඒ, ඩිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නායක ක්‍රෙයිග් අර්වින් හා Joylord Gumbie සමත් වුණා.

එම සම්බන්ධතාවය බිද වැටුණේ තීක්ෂණගේ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් Joylord Gumbie ලකුණු 30 කට දැවී යාමත් සමගයි.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...